Sunday, September 22, 2024

General line - 0115112241

අභියාචනාධිකරණ  විනිසුරුවරුන්  තිදෙනෙක් දිවුරුම් දෙයි




අභියාචනාධිකරණ  විනිසුරුවරුන්  තිදෙනෙක්  ජනාධිපති මෛත‍්‍රීපාල  සිරිසේන මහතා ඉදිරියේ අද (11) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

ඒ අනුව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන ඒ.ඒ.ජී.ආර්. අමරසේකර, ඒ.එල්. ශිරාන්  ගුණරත්න  සහ  නීතිපති  දෙපාර්තමේන්තුවේ  ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය  සොලිස්ටර්  ජනරාල් ජනක්  ද  සිල්වා  යන පිරිස  මෙලෙස  අභියාචනාධිකරණයේ  නව    විනිසුරුවරුන්  ලෙස දිවුරුම් දෙනු ලැබුවා.

ජනාධිපති  කාර්යාලයේදී  මෙම  දිවුරුම්  දීම  සිදුවූ  අතර  එම  අවස්ථාවට  ජනාධිපති  ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු ද එක්ව සිටියා.