Sunday, September 22, 2024

General line - 0115112241

සක්විති සමාගමේ ලිපි ගොනුවක් අස්ථාන ගත වෙලා




සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම ලියාපදිංචි කිරීමට අදාල ලිපි ගොනුව සමාගම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන් අස්ථාන ගත වී ඇති බව නීතිපතිවරයා අද (11) කොළඹ මහාධිකරනයට දන්වා සිටියා.

ඒ සක්විති රණසිංහ ඇතුලු විතිකරුවන් 11 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරනයේදී අද කැදවූ අවස්ථාවේදීයි.

සක්විති හවුස් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් ලෙස කටයුතු කරමින් තැම්පත්කරුවන්ගේ රුපියල් මිලියන 1628 කට ආසන්න මුදලක් සාවදය පරිහරනය කළ බවට චෝදනා නගමින් එම සමාගමේ සභාපති ඇතුළු පිරිසකට මෙම නඩුව ගොනු කර තිබෙනවා.

විත්තිකරුවන් විසින් මෙම වරද 2006 වර්ෂයේ සිට 2008 වර්ෂය අතර තුර කාලයේ සිදු කර ඇති බවට නීතිපතිවරයා කොළඹ මහාධිකරනයේ අධි චෝදනා ගොනු කරමින් කියා සිටියා.

අස්ථාන ගත වූ ලිපි ගොනුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා මීළඟ දින අධිකරනයට කරුණු වාර්තා කරන ලෙසට ද කොළඹ මහාධිකරනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙහිදී නියෝග කළා.

සක්විති රණසිංහ මහේස්ත්‍රාත් අධිකරනයේ ඇප මත මුදාහැරීමේදී නියම කළ රුපියල් ලක්ෂ පහක මුදල් ඇපය ලිහිල් කරන ලෙසට කළ ඉල්ලීම මහාධිකරන විනිසුරු සම්පත් විජේරත්න මහතා මීට පෙර දින ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

අදාළ නඩුව ඔක්තොම්බර් මස 10 වැනි දා යළි විභාගයට ගැනීමට නියමිතයි.