Saturday, January 11, 2025

General line - 0115112241

රුපියල් විසිදහසේ පෝෂණ මල්ල වෙනස්ම විදිහකට දෙන්න යයි




ගැබිණි මව්වරුන්ගේ පෝෂණ දීමනාව, ඉදිරි කාලය තුළදී ජංගම දුරකථනයට ලැබෙන ඩිජිටල් මුදල් වවුචරයක් මගින් ක‍්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මේ හරහා රුපියල් විසි දහසක් දක්වා පෝෂණ දීමනාවක් මාසික රුපියල් දෙදහසේ වාරික ලෙස ගැබිණි මවුවරුන්ට මේ වනවිට ලබා දෙමින් සිටිනවා.

මෙතෙක් මෙය ක‍්‍රියාත්මක වන්නේ ගැබිණි මව්වරුන් විසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ලබා ගන්නා වවුචර පතක් වෙළඳසැල් හිමියන්ට ලබා දීමෙන් පසු භාණ්ඩ ලබා ගැනිමෙන්.

එහෙත් ගැබිණි මව්වරුන්ගේ පහසුව සඳහා ඩිජිටල් මුදල් වවුචරය හඳුන්වා දීමට ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය තීරණය කර තිබෙනවා.

මෙහි අත්හදා බැලීමේ වැඩසටහනක් ඉදිරියේ දී ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි.