Sunday, September 22, 2024

General line - 0115112241

සම්ප්‍රදාය ඉටු කළ ජනපති සහ නව හමුදාපති හමුව (PHOTO)




යුද හමුදාපතිවරයා ලෙස පසුගිය දා පත්වීම් ලැබූ  ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක  අද (11) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවුණා.

ඒ,ජනාධිපති කාර්යාලයේදී.

 
යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව රාජ්‍ය නායකයා බැහැදැකීමේ සම්ප්‍රදාය ඉටුකරමින්  මෙම හමුව සිදුවුණා.

එය සංකේතවත් කරමින් යුද හමුදාපතිවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගන්වනු ලැබුවා.