Sunday, September 22, 2024

General line - 0115112241

පපුවට වැදිලා..හදවතට ලේ ගිහින් - පොලිස් වෙඩි පහරින් මිය ගිය තරුණයා අද අවසන් ගමනේ




පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී පොලිස් වෙඩි ප්‍රහාරයෙන් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු අද (11) සවස නෙල්ලියඩි වේරුන්දම් සුසාන භූමියේදී සිදු කෙරුණා.

තරුණයාගේ අවසන් කටයුතු සිදුවන අවස්ථාවේදී නෙල්ලියඩි හා මනල්කාඩු ප්‍රදේශයට පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා ආරක්ෂාව තර කොට තිබු අතර අවසන් කටයුතු සාමකාමීව පැවැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පපු ප්‍රදේශයට වෙඩි වැදීමෙන් හදවතට ලේ ගලායාම නිසා මෙම මරණය සිදුව ඇති බවට  එම තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු යාපනය අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. මයුරධන් සඳහන් කරනු ලැබුවා.

ඝාතනයට ලක්වු 24 හැවිරිදි යෝගරාසා දිනේෂ් තරුණයාගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදු කෙරුණේ  යාපනය ශික්ෂණ රෝහලේදී යි.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මෙවන් සිල්වා අද දිනයේ යාපනයට පැමිණීමට නියමිතව තිබූ බවද අප වාර්තාකරු සඳහන් කළා.