Sunday, September 22, 2024

General line - 0115112241

කසල කන්දෙන් මිය ගිය අයට වන්දි - වරදකරුවන්ට දඬුවම්




මීතොටමුල්ල කසළ කන්ද නාය යාමෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සඳහා වන්දි ලබා දීම අද (11) සිදු කෙරුණා.

එහි දී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම් මරික්කාර් සඳහන් කළේ මියගිය එක් අයෙක් වෙනුවෙන් රුපියල් මිලියනයක් ලෙස වන්දි වශයෙන් ගෙවීමට වෙන් කර ඇති බවයි.

මෙතෙක් මෙවැනි වන්දියක් මෙවැනි විපතන් වෙනුවෙන් ගෙවා නැති බවද සඳහන් කෙරුණා.

මීතොටමුල්ල කසළ කන්ද නාය යාමේ සිද්ධියට වගකිව යුතු සියලූ දෙනාට අනිවාර්යයෙන්ම දඬුවම් ලබා දෙන බවයි මෙහි දී ප‍්‍රකාශ කෙරුණේ.

කසළ කන්දේ සියලු කුණු සම්පූර්ණයෙන්ම ප‍්‍රතිචක‍්‍රීකරණය කරන බව ද මන්ත‍්‍රීවරයා මෙහි දී සඳහන් කළා.