Sunday, September 22, 2024

General line - 0115112241

මවත් පියාත් නැති වෙලාවේ නිවසට ඇවිත් දරුවෙකුට කළ විනාශය




පාසල් දරුවෙකු උණුවතුරින් සහ හීටරයකින් පුළුස්සා වධහිංසා සිදු කිරීමේ පුවතක් පිළිබඳව මාවතගමින් වාර්තා වුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාවතගම පොලිසිය අද (11) දිනයේ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධියට මුහුණ දුන් දරුවාගේ කටඋත්තර මත තවත් සැකකරුවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ පවත්වන බවද පොලිසිය වැඩිදුරටත් කියා සිටියා. 

පොලිසිය විසින් මෙලෙස සැකකරු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර තිබුණේ  මෙම අපරාධය සිදුකොට දින 25ක් ගතවීමෙන් පසුවයි. 

මෙම සිද්ධියට මුහුණ දී තිබුණේ මාවතගම හිඳගොල්ල ප්‍රදේශයේ පාසලක නව වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක්.

ඉකුත් මස 16 වැනිදා උදෑසන දරුවා නිවස තුළ  තනිවම රැඳී සිටියදී එහි  පැමිණි තිදෙනෙකු විසින් විදුලි හීටරයකින් ජලය රත්කර එම ජලය දරුවාගේ  ඇඟට වත්කර තිබූ අතර පසුව රත් වූ හීටරයෙන් දරුවාගේ මුහුණ පුළුස්සා තිබෙනවා. මෙම අවස්ථාවේදී දරුවාගේ දෙමව්පියන් නිවසේ රැඳී සිට නැහැ.

අනතුරුව ප්‍රදේශවාසින් විසින් දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහල් බලධාරීන් පැවසුවේ දරුවා තවමත්  දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.