Friday, September 20, 2024

General line - 0115112241

වරාය සංවර්ධනයට සිංගප්පූරුවේ සහාය




ශ‍්‍රී ලංකාවේ වරාය සංවර්ධනයට සහාය ලබාදීමට සූදානම් බව සිංගප්පූරු වරාය අධිකාරිය පවසනවා. එහි දකුණු ආසියානු කාලපයීය ප‍්‍රධාන විධායක නිලධාරී ඔං කිම් පොං මහතා කියා සිටියේ විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර බහාලූම් පර්යන්තය නවීකරණය සම්බන්ධයෙන් තමන් දැනටමත් අධ්‍යයනය කර ඇති බවයි. ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ පැවති දකුණු ආසියානු ඩයස්පෝරා සමුළුව අමතමින් කියා සිටියේ දකුණු ඉන්දියාවේ වරාය සමග ඒකාබද්ධව කටයුතු කිරීම වැදගත් වන බවයි. මෙම ප‍්‍රකාශය සම්බන්ධයෙන් සිංගප්පූරු වරාය අධිකාරියේ දකුණු ආසියානු කලාපයීය ප‍්‍රධාන විධායක නිලධාරීවරයා ප‍්‍රසාදය පළ කළා. ඔහු කියා සිටියේ දකුණු ඉන්දියාවේ වරාය සමග ඒකාබද්ධව කටයුතු කිරීමෙන් ශ‍්‍රී ලංකාවට ඉහළ ඵලදායීතාවක් ළඟා කරගත හැකි බවයි.

Image