Monday, September 23, 2024

General line - 0115112241

සමුපකාරයෙන් භාණ්ඩ මිල දී ගැනීමේදි VAT ඉවත් කරන්නැයි දැනුම් දෙයි




සමුපකාරයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ දී පනවා ඇතැයි කියන වැට් බදු ඉවත් කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී තිබෙනවා.

ඒ කැබිනට් මණ්ඩලය ඊයේ (18) රැස් වූ අවස්ථාවේදීයි.

කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් තීරු බදු නොමැතිව සමුපකාරය සඳහා ලොරි 88ක් ලබා ගැනීමට අනුමැතිය ඉල්ලා තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වුණේ. 

ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත්තේ පනවා ඇති බදු මීළඟ අයවැයෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.

ඉකුත් ආණ්ඩුව සමයේදී ද මෙලෙසම බදු පනවා තිබූ බවත් ඒවා පසුව ඉවත් කළ බවත් රාජිත සේනාරත්න සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් එහි දී ප‍්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ. 

මේ අතර එල් එන් ජී ගෑස් ශ‍්‍රී ලංකාවේ නිෂ්පාදනය සඳහා ඉන්දියාවේ සහ ජපානයේ ඒකාබද්ධ ව්‍යාපෘතියකට අවසර ලබා දීම කෙරෙහි ද කැබිනට් මණ්ඩලයේ දී අවධානය යොමුව තිබෙනවා.

එහි මූල්‍ය කටයුතු ඉන්දියාව මගින් ද තාක්ෂණික කටයුතු ජපානය මගින් ද සිදු කරනු ඇති. එහි ආදායමෙන් සියයට 15 ක් ශ‍්‍රී ලංකාවට හිමි වනු ඇති බවටයි පැවසෙන්නේ.