Monday, September 23, 2024

General line - 0115112241

දුම්රිය පාරේ ඇවිද ගිය මිතුරන් තිදෙනාට වෙච්ච දේ (PHOTO)




වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ ඇවිද යමින් සිටියදී දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගතකිරීමේදී ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ 55 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුර සිදුවන  අවස්ථාවේ ඔවුන් දෙදෙනා සමඟ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි අනෙක් පුද්ගලයා මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබනවා.

දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

මේ අතර කැළණිය දුම්රිය ස්ථානය අසළදී තරුණයෙකු දුම්රියට බිළි වී තිබෙනවා.

ඊයේ (18) සවස නුවර සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියේ මෙලෙස ගැටී ඇත්තේ වයස අවුරුදු 22 ක තරුණයෙක්.

දවුගල කලවාන ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා ගමගේ දුමින්ද ප්‍රියංකර නම් බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෘත ශරීරය මේ වන විට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (19) සිදු කිරීමට නියමිතයි.