Monday, September 23, 2024

General line - 0115112241

ගැබිනියන් දෙදෙනෙක්‌ ඇපයට අත්සන් කළ විට 'දෙන' ක්‍ෂණික ණය




ගැබිනියන් දෙදෙනෙක්‌ ඇපයට අත්සන් කළ විට ගැබිනියන්ට සියයට තිස්‌තුනක පොලියට ක්‍ෂණිකව ණය ලබාදෙන සංවිධානයක්‌ පිළිබඳව මෙවර මාතලේ දිස්‌ත්‍රික්‌ සම්බන්ධීකරණ කමිටුවේදී අනාවරණයවී තිබෙනවා.


මාතලේ  දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ එම කමිටුව  රැස්‌වූ අතර එහිදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ටී. ඩී. ජයතිස්‌ස මේ බව කමිටුවට දැනුම්දී තිබෙනවා.

"මම දැක්‌කා බබාල හම්බවෙන්න ඉන්න අය එකතුවෙලා ඉන්න තැනක්‌. මං හිතුවේ ඇත්තෙන්ම ඒක ගැබිනියන්ගේ   සායනයක්‌ කියලා. බැලුවම ඒක ගැබිනියන්ට 33% ක් පොලියට ණය දෙන තැනක්‌." යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.

මාතලේ ප්‍රාදේශීය ලේකම් එල්. පී. මධුවන්ති මෙහිදී සඳහන් කළේ   තමාට ද මෙම සංවිධානය පිළිබඳව  පැමිණිලි ලැබී ඇති බවයි.