Monday, September 23, 2024

General line - 0115112241

බන්ධනාගාර නිලධාරියාට මාංචු දා කටේ පංකඩ ඔබා සැකකරුවන් චිකාගෝ ක්‍රමයට පැනලා




මහර බන්ධනාගාර භූමියේ සිට අධිකරණය වෙත රැගෙන පැමිණි සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාර නිලධාරියාට පහර දී පලාගොස්‌ ඇති බව වාර්තා වෙනවා.

හඳුනා ගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කිරීම සඳහා මෙලෙස සැකකරුවන් දෙදෙනා මහර අධිකරණයට රැගෙන ගොස් තිබෙනවා.

එහිදී සැකකරුවන් දෙදෙනා විසින් බන්ධනාගාර නිලධාරියාගේ සාක්‌කුවේ තිබූ මාංචු කුට්‌ටමේ යතුර ගෙන ඔවුන් දෙදෙනාට දමා තිබූ මාංචු ගලවා එම මාංචුවෙන් බන්ධනාගාර නිලධාරියාට පහරදී තිබෙනවා.

පසුව එම මාංචු අදාළ නිළධාරියාට දමා ඔහුගේ කටේ පාංකඩ ඔබා වද හිංසා සිදු කර සැකකරුවන් පලාගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ. අදාළ නිලධාරියා සැකකරුවන් සමග හුදකලා වූ අවස්ථාවකදී මෙම ප්‍රහාරය එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයට ලක්වූ බන්ධනාගාර නිලධාරියාගේ මුහුණට අත්වලට තුවාල සිදු වී ඇති අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.