Monday, September 23, 2024

General line - 0115112241

බාල සොහොයුරන් තිදෙනා එක්වී අයියාව අමානුෂික ලෙස ඝාතනය කරයි




එකම පවුලේ සහෝදරයින් 04 දෙනෙකු අතර ඇති වූ ආරවුලකින් එක් අයෙකු අමානුෂික ලෙස ඝාතනය වී තිබෙනවා.

සහෝදරයින් 03 දෙනෙකු විසින් සිය වැඩිමහල් සහෝදරයාට පිහියකින් ඇන පසුව පොල්ලකින් පහරදී මෙලෙස ඝාතනය කර ඇති බවයි මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

ඊයේ (18) රාත්‍රියේ 9.15 ට පමණ ඇහැළියගොඩ කෙලින් වීදිය ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 34 ක් වූ මොහොමඩ් ෆචීමි නැමැති අයෙක්.