Saturday, July 27, 2024

General line - 0115112241

ලිප්ටන් සත්‍යග්‍රහයට ජල ප්‍රහාර (UPDATE)




කොළඹ ලිප්ටන් වටරවුමේ සත්‍යග‍්‍රහයක නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ සිසුන් අද (23) පස්වරුවේ අධිකරණ නියෝග මත එම ස්ථානයෙන් ඉවත්කිරීම සඳහා කටයුතු කරනු ලැබුවා.

එහිදී ඔවුන්ට ජල ප්‍රහාරද එල්ල කර තිබෙනවා.

-----------------------------------------

මහ පාරේ අරගල කරන සිසුන්ට අද අලුයම ගල් වැස්සක් (PHOTOS) (32-07-2017)

කොළඹ ලිප්ටන් වටරවුමේ සත්‍යග‍්‍රහයක නිරත අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ සිසුන්ට අද (23) අලුයම ගල්මුල් ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු සනත් බණ්ඩාර පැවසුවේ අද අලුයම කාර් රථයකින් පැමිණි පිරිසක් මෙලෙස ගල්මුල් ප්‍රහාරය එල්ල කළ බවයි.

KH 7799 දරන kyron වර්ගයේ මෝටර් රථයකින් පැමිණි, නන්නාදුනන පුද්ගලයින් පිරිසක් විසින් අලුයම 3.30 ට පමණ මෙම ප්‍රහාරය එල්ල කර බවයි ශිෂ්‍ය ක්‍රියාකාරීන් සඳහන් කරන්නේ.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය කි‍්‍රයාකාරී කමිටුව ඊයේ (22) දින සිට දින 05 ක් අඛණ්ඩව මෙම ස්ථානයේ රැඳී සිටීමේ විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළා.