Saturday, July 27, 2024

General line - 0115112241

සුදු වෑන් එකෙන් ඇවිත් රයන්ව අත්අඩංගුවට ගන්න යද්දි බාධා කළ අයටත් වැඩ වරදියි




පසුගිය දින සෞඛ්‍ය අමාත්‍යාංශයට බලෙන් කඩා වැදී රුපියල් ලක්ෂ අටකට අධික පොදු දේපළවලට හානි කිරීමේ සිද්ධියකට වරෙන්තු මත සිටින වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසියේ රාජකාරියට බාධා කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද (24) අධිකරණයට දැන්වුවා.

ඉකුත් 20 වැනි දා කොළඹ පැවැති මාධ්‍ය හමුවක් අතරතුර සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී එය වළක්වා බාධා කළ පුද්ගලයින් හඳුනා ගැනීමට රූපවාහිනී නාලිකාවල ප්‍රචාරය වූ වීඩියෝ දර්ශන අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.

ඒ අනුව මෙම සිද්ධියට අදාල වීඩියෝ දර්ශන ඇතුළත් සංයුක්ත තැටි පරීක්ෂණ සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර රූපවාහිනී නාලිකා හයකට නියෝග කළා.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට යෑමේ දී පොලිසිය භාවිත කළේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වෑන් රථයක් බව පොලිසිය අධිකරණයට දන්වා සිටියා.