Tuesday, September 24, 2024

General line - 0115112241

සෞඛ්‍ය ඇමති සමග සාකච්ඡාවට නොයන බව වෛද්‍ය සංගමය කියයි




සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සමග අද (31) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡාවට සිය සංගමය සහභාගි නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.  

නෙත් නිවුස් කළ විමසීමකදී එහි ලේකම් හරිත අලූත්ගේ සඳහන් කළේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක සභාව අද රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගත් බවයි. 

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂිකව නව විධායක කමිටුවක් පත්වීමෙන් අනතුරුව සාම්ප‍්‍රදායක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා මුණ ගැසෙනවා. 

ඒ අනුව අද දිනයේ පස්වරු 3.00ට එම හමුව පැවැත්වීමටයි නියමිතව තිබුණේ.