Tuesday, September 24, 2024

General line - 0115112241

කෑගල්ලේ දී බස් රථයක් ගිනි ගනී (PHOTOS)




නුවර - කොළඹ ප‍්‍රධාන මාර්ගයේ කෑගල්ල, බල්ලපාන ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් බස් රථයක් ගිනිගෙන තිබෙනවා. 

කොළඹ සිට නුවරඑළිය බලා ධාවනය වූ සුඛෝපභෝගි බස් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන්නේ. 

යතුරු පැදිය බස් රථයේ් ගැටීමෙන් අනතුරුවයි මෙලෙස ගින්න හටගෙන තිබෙන්නේ. 

අනතුරෙන් තුවාල ලැබූ යතුරුපැදිකරු කෑගල්ල රෝහලට ඇතුළත් කෙරුණා. 

බස් රථයේ හටගත් ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම නිවාදමා තිබෙනවා.