Friday, September 20, 2024

General line - 0115112241

පූජා භූමිය තුළ මළසිරුරක් – කතරගම මහ දේවාලය වසා දමයි




කතරගම දේවාලය ආසන්නයේ ඇති ලදු කැළෑවක තිබී අද (19) දහවල් පිරිමි මළසිරුරක් හමුවී තිබෙනවා. මෙම පුවත සැළවීමත් සමග කතරගම මහ දේවාලයද වසා දැමීමට කටයුතු කළ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවුසවේ.

පූජා භූමිය තුළ කිසියම් කෙනෙකු මිය ගියහොත් මහ දේවාලය වසා තැබීම ඉපරැණි සිරිතක් වනවා.

කෙසේවෙතත් අදාළ මළසිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා මළසිරුර පූජා භූමියෙන් ඉවත් කිරීමටත් කටයුතු කර ඇති බවයි කතරගම පොලිසිය සඳහන් කළේ.

මේ අතර මහ දේවාලය වසා දැමීමෙන් කතරගම පූජා භූමියේ සිදු කෙරෙන කටයුතුවලට බාධාවක් නොමැති බවත් නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. මහ දේවාලය යළිත් කෙටි වේලාවකින් විවෘත කිරීමටද නියමිතව ඇති බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.