Tuesday, April 30, 2024

General line - 0115112241

කරාතේ කමිටුවේ මරු පාර 

කසුන් කැලුම් 




දකුණු ආසියානු කරාතේ තරගාවලිය සඳහා ශ්‍රී  ලංකා ක්‍රීඩක  ක්‍රීඩිකාවන්  තේරීමේදී අසාධාරණ සිදු වූ බව පවසමින් ඒ  පිළිබඳ පැමිණිලි කිරීමට දෙමාපියන් පිරිසක් අද (02)පස්වරුවේ ක්‍රීඩා  අමාත්‍යංශය වෙත පැමිණියා. 

දක්ෂතා සපිරි ක්‍රීඩක  ක්‍රීඩිකාවන්  මෙවර තරගාවලියෙන් ඉවත් කර ඇති බවත් ඒ වෙනුවට කරාතේ සංගමයේ සාමාජිකයින්ගේ හිතවත් කම් මත ක්‍රීඩක  ක්‍රීඩිකාවන් තෝරා ඇති බවත් එම දෙමාපියන් චෝදනා කළා.

අද පැවැති  සාකච්ඡාවකින් පසු හෙට දිනයේදි තේරීම් කමිටුවද ගෙන්වා මේ පිළිබඳ  කරුණු විමසන බවට ක්‍රීඩා  අමාත්‍යවරයා පොරොන්දුවක් ලබාදුන් බවයි එම දෙමාපියන් නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.