Tuesday, September 24, 2024

General line - 0115112241

අගමැති ආරක්ෂක අංශයේ රථය යතුරුපැදියක ගැටෙයි - තුවාලකරුගේ මැණික් කටුව පුපුරලා ලු




අගමැති ආරක්ෂක අංශයේ රථයක් යතුරු පැදියක ගැටී තිබෙනවා.

හයිලෙවල් පාර, මායා වටරවුම ආසන්නයේදි ඊයේ (02) දිනයේදී මෙම අනතුරු සිදුව තිබෙනවා.
 
අනතුරෙන් පසු යතුරුපැදිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් සඳහන්.

කෙසේවෙතත් තුවාලකරුගේ වම් අතෙහි මැණික් කටුව පුපුරා ගොස් ඇති බවට ද තොරතුරු වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක රථයේ පොලිස් නිලධාරියා වැල්ලවත්ත පොලිස්ථානය මගින් අත්අඩංගුවට ගෙන පසුව පොලිස් ඇප මත මුදා හැරුණා.