Tuesday, September 24, 2024

General line - 0115112241

2020 සැකය අගමැතිටත් - තරුණ නායකයන් වෙත පණිවිඩයක් 




අනාගත තරුණ පරපුර ලොවට ණය කර හිඟන ජාතියක් බවට පත් කිරීමට තමන් සුදානම් නැතැයි අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ඇතුළු තරුණ සේවා සභාවේ නිලධාරීන් අරලියගහ මන්දිරයේදී හමුවූ අවස්ථාවේදීයි.

යොවුන් කොඩි දිනයේ සමරු කොඩියක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පැළඳවීම මෙහිදී සිදු වුණා.

එහි දී අගමැතිවරයා පහත පරිදි කරුණු සඳහන් කළා.


"අපි සියලු දේ කරන්නේ තරුණයන් අනාගත වගකීම භාර ගන්න පරපුර ලෙස ශක්තිමත් කිරීමටයි. ගමට කෝටියක් වැඩසටහන  සඳහා තවත් වැඩිපුර මුදල් වෙන් කරන්න සූදානම්. 

ජාතික ණය තරුණ පරපුරට උරුම කරන්නට සිදු වේදැයි සැකයක් තිබුණා .කෙසේ නමුත් 2020 වන විට ණය හොඳින් පාළනය කර 2025 වන විට කිසිඳු ප්‍රශ්නයක් නොමැතිව ණය ගෙවා දැමීමට හැකි පසුබිමක් දැන් නිර්මාණය වෙමින් තිබෙනවා.

ජනතාවගේ කැපවීමෙන් ලබන මුදල් පමණක් නොව ඊටත් වැඩිපුර මුදල් රජය වෙන් කරනවා. විශ්ව විද්‍යාල වලින් නිකුත් කරන කෘති සඳහා ආධාර දීමට රුපියල් මිලියන 100ක මුදලක් මේ වන විට වෙන් කර තිබෙනවා."