Tuesday, September 24, 2024

General line - 0115112241

TNA හවුල්කාර පක්ෂ රහස් සාකච්ඡාවක




දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ප්ලොට්, ටෙලෝ සහ ඊ පී ආර් එල් එෆ් යන පක්ෂ නායකයින්ගේ නියෝජිතයින් රහස් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නියෝජිතයින් එක්ව නොමැති බවයි විශ්වාසවන්ත ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වුණේ.

ටෙලෝ පක්ෂයේ නායක සෙල්වම් අඩෙක්කලනාදන් ඊ පී ආර් එල් එෆ් පක්ෂයේ නියෝජ්‍ය නායක ශිව ශක්ති ආනන්දන් සහ ප්ලොට් සංවිධානයේ නියෝජිතයෙක් සාකච්ඡාවට එක්ව තිබෙනවා.

ඉලංගෙයි තමිල්අරසු පක්ෂය දෙමළ  ජාතික සන්ධානයේ ක‍්‍රියාකාරීත්වය වෙනුවෙන් සිදු කරන බලපෑම් සහ පළාත් සභාවේ මන්ත‍්‍රී ධුරයක් හුවමාරු ක‍්‍රමය යටතේ ඉලංගෙයිතමිල් අරසු පක්ෂය වෙත පවරා ගැනීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කර ඇති බවයි පැවසෙන්නේ.

මෙම සාකච්ඡාව මාධ්‍ය වෙත වාරණය කර තිබීම ද විශේෂත්වයක්.