Friday, May 3, 2024

General line - 0115112241

යාපනය පොලිසියේ දෙන්නා කැපූ "මුත්තු" මාට්ටු




යාපනය කෝපායි ප්‍රදේශයේදී පොලිස් නිළධාරීන් දෙදෙනෙකු කපා දැමීමේ සිදුවීමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව යාපනය ආරක්ෂක අංශ පවසනවා.

නල්ලූර් ප්‍රදේශයේ පදිංචි ,මුත්තු, නමින් හඳුන්වන පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

යාපනය පොලිස් අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම සැකකරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර අදාළ සැකකරුවන් අගෝස්තු 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් හත් දෙනෙකු හදුනාගෙන ඇති බවද පොලිසිය සදහන් කළේය.