Tuesday, September 17, 2024

General line - 0115112241

‘අල්ලාහු අක්බර්‘ කියා කෑගසමින් ඇෆ්ගන් තරුණයෙක්ගෙන් ජර්මන් දුම්රියකට පොරෝ ප්‍රහාරයක් (VIDEO)



17 හැවිරිදි ඇෆ්ගනිස්ථාන සරණාගතයකු ජර්මන් දුම්රියකට පැන එහි සිටි මගීන්ට පොරෝ පහර හා පිහි පහර එල්ල කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ හේතුවෙන් 18 දෙනකු තුවාල ලබා ඇති බවත් සිව් දෙනෙකෙුගේ තත්වය බරපතල බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සිද්ධිය හේතුවෙන් කම්පනයට පත් පිරිසක්ද මේ වන විට රෝහල් ගතකර ඇත.

කෙසේ වෙතත් දකුණු දිග ජර්මනියේ වුර්ස්බර්ග්හි දුම්රියක් තුළ එසේ කලහකාරී ලෙස හැසිරුණු මෙම තරුණයා පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත.

ප්‍රහාරය එල්ල කළ තරුණයා ‘අල්ලාහු අක්බර්‘ යනුවෙන් කෑ ගසා ඇති බවද ජර්මන් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

 

cameramen-wuerzburg-attacking-passengers-scene-where-police_e5453918-4d53-11e6-85e3-522dd231fa74 german-emergency-services-workers-attacked-passengers-wuerzburg_b9afd1c8-4d53-11e6-85e3-522dd231fa74 05431116 5444366