Friday, May 3, 2024

General line - 0115112241

ප‍්‍රථම රන්දෝලි පෙරහැර අද




ඓතිහාසික මහනුවර ශ‍්‍රී දළඳා මාළිගාවේ ඇසළ මහා පෙරහැරේ ප‍්‍රථම රන්දෝලි පෙරහැර අද (03) රාත‍්‍රියේ වීථි සංචාරය කෙරෙනවා.

දියවඩන නිළිමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ අවසන් කුඹල් පෙරහැර ඊයේ (02) රාත්‍රියේ අති සාර්ථකව නිමාවට පත්වූ බවයි.

අගෝස්තු 7 වැනි දින දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වෙන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල වැඩි දුරටත් සඳහන් කළා.

ඇසළ පෙරහැර නැරඹීමට මහනුවර පැමිණෙන ජනතාව සඳහා සියලු පහසුකම් සපුරා ඇති බව ද මෙහි දී ප‍්‍රකාශ කෙරුණා.