Friday, May 3, 2024

General line - 0115112241

සයිටම් විරෝධීන් හෙට කොළඹට - එන තැන සඟවයි




මාළබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව ආරම්භ කළ පාගමන අද (03) නිට්ටඹුවෙන් ආරම්භ වුණා.

පේරාදෙණිය විශ්ව විද්‍යාල භූමිය අසළින් ආරම්භ කළ දින 05 ක පා ගමනේ අද සිව්වන දිනයයි.

එහි , අද දිනයේ ගමනාන්තය වන්නේ කඩවත නගරයයි.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ සාමාජික තුසිත ප‍්‍රියංකර පෙරේරා සඳහන් කළේ සයිටම් ආයතනය අහෝසි කිරීම, සිසු මර්දනයට විරෝධය පෑම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම පා ගමන සිදු කරන බවයි.

මෙම සයිටම් විරෝධී පාගමන හෙට (04) දිනයේ කොළඹට පැමිණීමට නියමිත අතර එහි අවසන් රැළිය පැවැත්වෙන ස්ථානය ආරක්ෂක හේතුන් මත ප‍්‍රකාශ කළ නොහැකි බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.