Friday, May 3, 2024

General line - 0115112241

උත්තර පත්‍ර ඇගයීම නිසා පාසල් 27 ක් වැසේ




මෙවර උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම වෙනුවෙන් වැඩි පුර කාලයක් වසා තැබෙන පාසල් නාම ලේඛනය විභාග දෙපාර්තමේන්තුව අද (03) නිල වශයෙන් ප‍්‍රසිද්ධියට පත් කළා.

අගෝස්තු නිවාඩුවෙන් පසු පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ සැප්තැම්බර් 06 වනදායි. එහෙත් උසස් පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම සඳහා යොදා ගැනෙන පාසල් 05ක් සැප්තැම්බර් 20 වනදා දක්වා තවදුරටත් වසා තැබෙනවා.

එලෙස වසා තැබෙන පාසල් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඞ් විද්‍යාලය, මහනුවර විහාරමහාදේවී බාලිකා විද්‍යාලය, මහනුවර ස්වර්ණමාලි බාලිකා විද්‍යාලය සහ මහනුවර සීතාදේවී බාලිකා විද්‍යාලයයි. එම පාසල් තුන්වන වාරය සඳහා සැප්තැම්බර් 21 වනදා විවෘත කෙරෙනු ඇති.

තවත් පාසල් 22ක් සැප්තැම්බර් 07 වනදා සිට සැප්තැම්බර් 20 වනදා දක්වා කොටසක් වසා තැබෙනවා. එම පාසල්වල නාම ලේඛනය පහතින් නරඹන්න.