Friday, May 3, 2024

General line - 0115112241

මහින්දට යළි ශ්‍රීලනිප මහ පුටුව ඉල්ලන නඩුව පවත්වාගෙන යන්න බෑ




හිටපු ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සදහා යළි පත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ගොනු කර ඇති නඩුවක් පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව පවසමින් ගොනු කර ඇති මූලික විරොධතා සම්බන්ධයෙන් විමසීම  අගොස්තු මස 29 දා සිදු කිරීමට කොළඹ දිසා අධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවත් පදනම් විරහිත චෝදනා මත මෙම නඩුව ගොනු කර ඇති බව  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට මූලික විරොධතා ගොනු කර තිබුණා.
මෙම මූලික විරොධතා විමසීමක් සිදු කිරීමෙන් අනතුරුව මෙම නඩුව පවත්වාගෙන යනවද නැද්ද යන්න තීන්දුවක් ලබා දෙන බව දිසා විනිසුරු සුජීව නිශ්ශංක අවධාරණය කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය සදහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීම සදහා නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ සමස්ථ ලංකා කාරක සභීකයින් දෙදෙනෙකු මෙම නඩුව ගොනු කර තිබුණා.