Friday, May 3, 2024

General line - 0115112241

රවීට විරුද්ධ විශ්වාසභංගයේ අත්සන් මෙන්න 




විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් අද (03) පස්වරුවේ භාර දුන්නේ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින්.

එහිදී එම යෝජනාව ඉදිරිපත් කරමින් බැඳුම්කර සම්බන්ධ ජනාධිපති කොමිසමේදී මෙතෙක් ප්‍රකාශවී ඇති කරුණු කිහිපයක් චෝදනා ලෙස නම් කර තිබුණා.

මන්ත්‍රීවරුන් 30 දෙනෙකුට වැඩි පිරිසක් ඊට අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. 

මීට පෙර ඉකුත් වසරේ මාර්තු මස 24 වන දින ද මන්ත්‍රීවරුන් පිරිසක් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත භාරදුන්නා. 

අදාළ යෝජනාවේ nethnews.lk වෙත ලැබුණු  සත්‍ය පිටපත අත්සන් සහිතව පහතින් දැක්වෙනවා.