Sunday, September 8, 2024

General line - 0115112241

කෙහෙළියගේ පුත් රමිතගේ මංගල සාදය අස්සේ 'රවීට එරෙහි විශ්වාසභංගයට' අත්සන් ගත්තේ මෙලෙසයි




අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වෙත ඊයේ (03) භාරදුන් විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ මංගල සාදයක දී බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. 

එම සාදය පවත්වා ඇත්තේ කොළඹ ප්‍රමුඛ පෙලේ තරුපහේ හෝටලයකදීයි. 

හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ලගේ විවාහය වෙනුවෙන් සාදය පවත්වා තිඛෙනවා. 

රමිත් රඹුක්වැල්ල විවාහ වී ඇත්තේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෙවන ලේකම්වරියගේ දියණිය සමගයි. 

ඇය නැටලි ශෙනාලි ගුණවර්ධන නැමැත්තියක්. 

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෙවන ලේකම්වරිය වන ඇගේ මව ශ්‍රී ලංකාවේ ගම්පොළ ප්‍රදේශයේ පදිංචිව සිට පසුව අමෙරිකාවට සංක්‍රමණය වී තිඛෙනවා. 

නැටලිගේ පියාද ගම්පොළ ප්‍රදේශයේම පදිංචිව සිට පසුව අමෙරිකාවට සංක්‍රමණය වූ අයෙක්. 

මේ අතර ඊයේ පැවති මංගල සාදයට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 51 දෙනාම සහභාගී වී සිට තිඛෙනවා. ඔවුන්ගෙන් කිහිප දෙනෙකුම සාදයේ දී ගීත ගායනය කර ඇතැයි ද සඳහන්.