Tuesday, January 7, 2025

General line - 0115112241

අවසන් ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය අවසානයේ දෙමාපියන් කියු කතාව (PHOTOS)




 

නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුවේ පුබුදු සහ සපිරි ළමා ගිණුම්වල අනුග‍්‍රහයෙන් සංවිධාන කරන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ මෙම වසරේ අවසන් සම්මන්ත‍්‍රණය අද  පැවැත්වුණා. ඒ, රත්නපුර තක්ෂිලා උසස් අධ්‍යාපන ආයතනයේදීයි. මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූදරුවන් මෙන්ම ඔවුන්ගේ මව්පියන් වෙනුවෙන් ද දේශන සිදු කිරීම මෙම සම්මන්ත‍්‍රණ මාලාවේ විශේෂත්වයක් වනවා.

ඊට සහභාගී වූ මව්වරුන් පවසා සිටියේ බලාපොරොත්තු නොවූ තරම් දැනුමක් ඔවුන් විසින් ලබාගත් බවය. 

සම්මන්ත‍්‍රණය සඳහා සහභාගී වූ දරු දැරියන් සම්මන්ත‍්‍රණය නිමා වී නික්ම ගියේ සතුටු සිතින්. 

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 20 වනදා පැවැත්වෙනවා.  

.......................................

සම්පත් බැංකුවේ ළමා ගිණුම් එක්ව සංවිධාන කරන රත්නපුර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය 

.......................................

 

නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුවේ පුබුදු සහ සපිරි ළමා ගිණුම එක්ව සංවිධාන කරන පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ අවසන් සම්මන්ත‍්‍රණය මේ වන විට රත්නපුර තක්ෂිලා උසස් අධ්‍යාපන ආයතනයේදී සාර්ථකව පැවැත්වෙනවා. 

මෙම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින්.

 

 

-------------------------

සම්පත් බැංකුවේ ළමා ගිණුම් එක්ව සංවිධාන කරන රත්නපුර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණය ඇරඹේ (05-08-2017 /06:29)

නෙත් එෆ් එම් රේඩියෝව සම්පත් බැංකුවේ පුබුදු සහ සපිරි ළමා ගිණුම එක්ව සංවිධාන කරන පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත‍්‍රණ මාලාවේ අවසන් සම්මන්ත‍්‍රණය අද (05) පැවැත්වෙනවා. 

ඒ, රත්නපුර තක්ෂිලා උසස් අධ්‍යාපන ආයතනයේදීයි. උදෑසන 8.00ට ආරම්භ වන මෙම සම්මන්ත‍්‍රණය සඳහා සියලූ කටයුතු මේ වනවිට සූදානම්ව පවතින බවයි එහි සිිටින නෙත් නියෝජිතයින් පැවසුවේ. 

ප‍්‍රවීණ දේශක සරත් ආනන්ද ගුරුතුමන් විසින් මෙම සම්මන්ත‍්‍රණය මෙහෙයවනු ලබනවා. 

දෙමාපියන් සඳහා ද මෙහි දී විශේෂ දේශනයක් පැවැත්වෙන අතර එය මෙහෙයවනු ලබන්නේ ප‍්‍රවීණ දේශක සරත් අලවතුර ගුරුතුමන් විසින්.