Wednesday, January 8, 2025

General line - 0115112241

සියලු සමූපකාර ණය දෙන සමිති කඩිනම් විගණනයකට යොමු කෙරේ




මෙම වසරේ පළමු පාර්ලිමේන්තුව රැස්වීම අද පෙරවරු 09යි 30ට ආරම්භ වුණා. 

ඒ, කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. 

සභාවේ කටයුතු ආරම්භයේදී කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කියා සිටියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මහාචාර්ය අනිල් ජයන්ත, ගමගෙදර දිසානායක, ගයාන් ජනක යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් කර ඇති බවයි.

මේ අතර රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා චතුරංග අබේසිංහ, ශානක්‍ය රාසමානික්කම්, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න සහ අර්කම් ඉල්ලියාස් යන මන්ත්‍රීවරුන් පත්කර ඇති බවද කතානායකවරයා සභාවට දැනුම් දුන්නා.  

ලිපි ලේඛනාධිය පිළිගන්වන අවස්ථාවේදී 2024 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කළ වාර්තාව, රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. 

එම වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්‍රීවරයා කියා සිටියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කටයුතු සඳහා තාක්ෂණ නිලධාරීන්ගේ අඩුවක් පවතින බවයි. 
 

එහිදී සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා කියා සිටියේ අදාළ තාක්‍ෂණික නිලධාරීන් ලබා දීමට ආණ්ඩු පක්ෂය එකඟ බවයි.


මේ අතර, සමූපකාර ණය දෙන සමිතිවල ගණුදෙනුකරුවන්ගේ ආරක්‍ෂාව උදෙසා දැඩි නීතිමය ප්‍රතිසංස්කරණවලට යොමු වීමට සිදුව ඇති බව වෙළඳ වාණිජ ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

ඒ සඳහා දිවයිනේ සියලුම සමූපකාර සමිති පිළිබඳ කඩිනම් විගණනයක් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ. 

වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

අදාළ ගැටලුව සම්බන්ධයෙන් දේවානන්ද සුරවීර මන්ත්‍රීවරයා සිය ප්‍රශ්නය ඉදිරිපත් කළේ මෙලෙසයි. 


අමාත්‍ය වසන්ත සමරසිංහ එම ගැටලුවට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි.