Wednesday, January 8, 2025

General line - 0115112241

බාල ඖෂධ නිසා ඇස් අන්ධ වූ රෝගීන්ට වන්දි ගෙවීමට කැබිනට් තීරණයක්




ප්‍රශ්නගත ඖෂධ හේතුවෙන් ඇස් අන්ධ වූ රෝගීන්ට වන්දි ගෙවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. 

අද පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්  අමාත්‍යවරයා මේ බව කියා සිටියා. 

එමෙන්ම අදාළ ප්‍රශ්නගත ඖෂධ ගෙන්වූ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.