Friday, September 20, 2024

General line - 0115112241

සිංගප්පූරු ව්‍යාපාරික ප්‍රජාවෙන් ධනාත්මක ප්‍රතිචාර




අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (19) පෙරවරුවේ සිංගප්පූරුවේ ව්‍යාපාරික ප්‍රජාව හමුවුණා.

එහිදී පැවති සාකච්ඡාවේදී ලංකාවේ ආර්ථික අවස්ථා සහ අනාගත ආර්ථික හැඩය පිළිබදව පැහැදිළි කිරීමක් සිදු කර තිබෙනවා.

එසේම ඉන්දියාවේ විශාල වෙළදපළ ඉලක්ක කරගත් ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙල පිළිබදවද මෙහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිළි කර තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ ව්‍යාපාරික ප්‍රජාවට ලංකාවේ ආර්ථිකය තුළ ආයෝජනය කිරීම සඳහා විවෘත ආරාධනාවක්ද සිදු කර තිබෙනවා. ඊට ඔවුන් ධනාත්මක ප්‍රතිචාර දැක්වූ බවයි වාර්තා වෙන්නේ.

13709759_806983279401180_4061715259160911076_n 13754230_806983286067846_64248994564793574_n 13754563_806983312734510_9119302690323324110_n