Tuesday, September 24, 2024

General line - 0115112241

මාරපන වෙන්නැයි දයාසිරි රවීට කියයි




තමන්ට නගා ඇති චෝදනා පිළිබඳ විමර්ශන අවසන් වන තෙක් අමාත්‍ය රවී කරුණානායවක සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි අමාත්‍ය දයාසිරි ජයසේකර ද කියා සිටියේ. අදාළ විශ්වාසභංග යෝජනාවට සහය ලබා දෙන්නේදැයි මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්න කිරීමක දී ඔහු මේ බව පැවසුවා. 

“මේ වෙලාවේ චෝදනාවක් එල්ල වෙලා තියෙනව. තිලක් මාරපන මැතිතුමාට චෝදනා එල්ලවුණ වෙලාවෙ ඔහු ඉල්ලා අස්වුණා. අපේ පක්ෂයේ වුනත් එහෙම වියයුතුයි. චෝදනා විභාගය අවසන්වන තෙක් ඇමතිධූරයෙන් ඉල්ලා අස්වීම තමයි සුසුසු.“

 

අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු අමාත්‍ය මහින්ද සමරසිංහ ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු පැවසුවේ අදාළ විශ්වාසභංග යෝජනාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කෙසේ ප‍්‍රතිචාර දැක්විය යුතුදැයි සාමූහිකව සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගන්නා බවයි.