2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා අවලංගු කිරීමට සහ අලුතෙන් නාම යෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ, රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝගයක් අනුවයි.
එම පනත් කෙටුම්පතට අනුව ඉකුත් 2023 වසරේ මාර්තු මස 09 වන දින පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර අවලංගු වනවා.
දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නම් කරනු ලැබූ අපේක්‍ෂකයින් සඳහා කරන ලද තැන්පතු ආපසු ගෙවීමටද අදාළ පනත් කෙටුම්පත මගින් දැනුම් දී තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා කැඳවීමේ දිනය, පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට මාස 03කට පෙර දිනයක් විය යුතු බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.