Tuesday, September 24, 2024

General line - 0115112241

වරාය චීනයට දුන්නාට යුද නැව් බැහැ! ඇමති මහ නාහිමිවරු හමුවේ දිවුරයි




හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම මගින් ශ‍්‍රී ලංකාවේ ආරක්ෂාවට තර්ජනයක් ඇතිවිය හැකි බවට ඇතැම් පිරිස් කරන චෝදනා ආණ්ඩුව නැවත ප‍්‍රතික්ෂේප කරනවා. අමාත්‍ය මහින්ද සමරසිංහ පැවසුවේ මෙම වරාය යොදා ගනමින් සිය යුද ශක්තිය වැඩි කර ගැනීමට චීනය උත්සහ කරන බවට ඇතැම් පිරිස් පළ කරන අදහස් ද සත්‍යයෙන් තොර බවයි. හම්බන්තොට වරායේ සියලූ ආරක්ෂක කටයුතු තවදුරටත් ශ‍්‍රී ලාංකිකයන් විසින්ම සිදු කෙරෙන බවද මෙහිදී අවධාරණය කෙරුණා. 

හම්බන්තොට වරායට කුමන හෝ කටයුත්තක් වෙනුවෙන් යුද නෞකාවක් පැමිණෙන්නේනම් ඒ සඳහා ශ‍්‍රී ලංකාවෙන් විශේෂ අවසරයක් ලබාගත යුතු බවද අමාත්‍ය මහින්ද සමරසිංහ කියා සිටියා.  ඕනෑම නෞකාවක්  ඕනෑම විටක පරීක්ෂා කිරීමට ද නාවික හමුදාවට තවදුරටත් බලය තිබෙන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. 

අමාත්‍ය මහින්ද සමරසිංහ එම අදහස් පළ කළේ අද පෙරවරුවේ මහනුවරට ගොස් අස්ගිරි හා මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.