Tuesday, September 24, 2024

General line - 0115112241

දෙවිනුවර පෙරහරට තංගල්ල මාතර පාරේ කොටසක් හෙට හවස වැසෙයි




තංගල්ල - මාතර ප‍්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් හෙට පස්වරු හයේ සිට රාත‍්‍රී 10 දක්වා කාලය තුළ වසා තැබෙන බව පොලිසිය පවසනවා. 

ඒ, දෙවුන්දර ශ‍්‍රී විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැර හේතුවෙන්. 

පෙරහැර හෙට ආරම්භ වන අතර අනිද්දා අවසන් රන්දෝලී පෙරහැර වීථි සංචාරය කෙරෙනවා. ඒ අනුව හෙට සහ අනිද්දා යන දෙදින තුළ තංගල්ල - මාතර ප‍්‍රධාන මාර්ගයේ වාහන ධාවනය සීමා කිරීමටයි පොලිසිය තීරණය කර ඇත්තේ. අදාළ කාල සීමාව තුළ ඇති විය හැකි මාර්ග තදබදය අවම කර ගැනීම ස`දහා හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසද එම මාර්ගයේ ගමන් කරන රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කරනවා.