Tuesday, September 24, 2024

General line - 0115112241

විශ්වාසභංගය සම්මත වුනොත් නෛතික තත්ත්වය පැහැදිළි කරයි

ඩිල්ෂාන් මඩවල




විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ දී සම්මත වුවහොත් ඇතිවිය හැකි නෛතික තත්ත්වය පිළිබඳවද නෙත් නිවුස් විමසා බැලීමක් කළා.

කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මේනක හරන්කහ පැවසුවේ එවැනි අවස්ථාවකදී චෝදනාවට ලක්ව සිටින අමාත්‍යවරයා, අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වන බවයි.

අමාත්‍යවරයෙකුට එරෙහි විශ්වාසභංග යෝජනාවක් අමාත්‍යවරයා කෙරෙහි මිස ආණ්ඩුවේ පැවැත්මට ඝෘජු බලපෑමක් ඇති නොකරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

කෙසේ වෙතත් එවැනි විශ්වාසභංග යෝජානාවක් සම්මත වුවහොත් එය ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම සඳහා හේතුවක් කරගත හැකියි.

එවැනි තත්වයක් ඇතිවීම වළක්වා ගැනීමට නම් කළ යුතු හොඳම දේ විශ්වාසභංගයට ලක්ව සිටින අමාත්‍යවරයා ධුරයෙන් ඉල්ලා අස්වීම බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

කිසියම් අවස්ථාවක දී ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙනවිත් පාර්ලිමේන්තුවේ දී එය සම්මත වුවහොත් අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලය විසුරුවා හැර නව ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයාට සිදුවන බවද මෙහිදී විස්තර කෙරුණා.