Friday, September 20, 2024

General line - 0115112241

බැසිල් ජාතික රෝහලට




රක්ෂිත බන්ධනාගාර ගත කළ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලට රැගෙන ඒමට කටයුතු කර තිබෙනවා.

ඒ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශයකට අනුව ඒ මහතාට සිදු කිරීමට නියමිත වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව යටතේ  ජාතික රෝහලේ ගෙවන වාට්ටුවේ ප‍්‍රතිකාර ලබන බව ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශිකාවක් සඳහන් කළා.

බැසිල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් ඊයේ (18) අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ සිදුවූ මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බැසිල් රාජපක්ෂ මහතා අගොස්තු මස පළමුවැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.