Tuesday, September 24, 2024

General line - 0115112241

එජාප මන්ත්‍රී රැස්වීම අවලංගුයි - රවී අගමැති හමුවේ..තීරණාත්මක සාකච්ඡාව මෙන්න  




එක්සත් ජාතික පක්ෂයේ අද (08) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවලංගු කර තිබෙනවා.

ඒ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය රවී කරුණානායකව හමුවූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙම හමුවීමේදී තීරණාත්මක කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා.

බැඳුම්කර ගණුදෙනුවට අදාළ කරුණු සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායකගේ නම සම්බන්ධවීමේ චෝදනාවට අදාළව මෙහිදී තීරණක් ගැනීමට නියමිත වුණා.