Friday, September 20, 2024

General line - 0115112241

ආර්ථිකය බිඳින්න ඉඩ තියන්නේ නැහැ




කුමන බාධා පැමිණියද රට ආර්ථිකමය වශයෙන් ගොඩ නැගීමේ කි‍්‍රයාවලිය ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.

පටු දේශපාලන වුවමනාවන් හමුවේ එය බිඳ දැමීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. මෝදර සහ මට්ටක්කුලියේ විහාරස්ථාන දෙකකට මූල්‍යාධාර පිරිනැමීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කියා සිටියා.

පාලන මිල හා වැට් සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනාවන්ටද රවී කරුණානායක මහතා මෙහිදී ප‍්‍රතිචාර දැක්වූවා. එහිදී හෙතෙම පැවසුවේ ආර්ථිකයක් ශක්තිමත් කිරීමට එක් අරමුණක් යටතේ ක්‍රියා කළ යුතු බවයි.