Friday, September 20, 2024

General line - 0115112241

එස‍්.බී ගේ මව කළුරිය කරයි




සමාජ සවිබල ගැන්වීම් හා සුබ සාධන අමාත්‍ය එස්. බී. දිසානායක මහතාගේ මව වන ග්‍රේස් ප්‍රේමා පණ්ඩිතරත්න මහත්මිය (84) අද (19) දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පිරිමි දරුවන් 06 ක් හා ගැහැණු දරුවන් 02 කගේ දයාබර මෑණියන් වූ ඇය පරලෝ සැපත් විශ්‍රාමලත් විදුහල්පති උ.බ. දිසානායක මහතාගේ බිරිඳයි.

අමාත්‍ය එස්.බී. දිසානායක, මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක, ජී.බී. දිසානායක (නැසීගිය), මධ්‍යම පළාත් සභා ඇමැති සාලිය බණ්ඩාර දිසානායක (නැසීගිය), එන්.ආර්.බී. දිසානායක,  රංජිත් බණ්ඩාර දිසානායක , වෛද්‍ය මානෙල් දිසානායක හා ඉන්ද්‍රලතා දිසානායක යන අය ඇයගේ දූ දරුවන්.

ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සෙනසුරාදා (23) සවස හඟුරන්කෙතදී සිදුකිරීමට නියමිතයි. දේහය අමාත්‍ය එස්.බී. දිසානායක මහතාගේ හඟුරන්කෙත නිවසේ තැන්පත් කර තිබෙනවා.

Ministers Mother