Tuesday, September 24, 2024

General line - 0115112241

'හසරැල්ලේ කැරැල්ලක්' - මත මැඩලන සටනට තරුණ තරුණියන් 1600 ක්




ඉදිරියේදී ගම් මට්ටමින් මත්ද්‍රව්‍ය අළෙවිය නවතාලීම  සඳහා තරුණ තරුණියන් 1600 ක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට නියමිතයි.

ඒ,ජාත්‍යන්තර තරුණ දිනය නිමිති කරගෙන ජාතික තරුණ සේවා සභාව විසින් "හසරැල්ලේ කැරැල්ල" යන තේමාව යටතේ ක්‍රියාත්මක වැඩසටහනට අනුවයි.

ශ්‍රී ලංකා පොලිසිය ද මේ සඳහා එක්ව සිටින අතර ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (11) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා.


නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී  සාගල රත්නායකගේ හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ එරන්ද වැලිඅංගේ  ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට පොලිස්පති පූජිත ජයසුන්දර හා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවී සිටියා.


"No Drugs අපි Youth " යන නමින් තරුණ තරුණියන් 1600 ක්, කලාකරුවන්, ක්‍රීඩකයින් හා සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් හෙට (12) උදෑසන නිදහස් චතුරශ්‍රයෙන් පාගමනක් ඇරඹෙන අතර මත්ද්‍රවය නිවාරණ තරුණ වැඩසටහන ද ඒ සමග ඇරඹෙනවා.