Tuesday, September 24, 2024

General line - 0115112241

ගෝඨාභයට එරෙහි නඩුවක් යළි කැඳවයි




හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකුට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවරා ඇති නඩුවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී අද (11) කැඳවනු ලැබුවා. 

මෙම නඩුව පවරා ඇත්තේ ඇවන්ගාර්ඩ් මැරිටයිම් සර්විස් සමාගමට අයුතු ලාභයක් උපයාගත හැකි පරිදි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ දී රජයට රුපියල් බිලියන 11.4ක් පාඩු කළ බවට විත්තිකරුවන්ට චෝදනා කරමින්. 

විත්තිය විසින් ඊට එරෙහිව මූලික විරෝධතා ගොනු කර තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් සිය තීන්දුව නොවැම්බර් මස 17 වනදා ප්‍රකාශයට පත් කරන බවයි අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල පැවසුවේ.