Tuesday, September 24, 2024

General line - 0115112241

දිය සොයා එන වනසතුන්ට වස දෙන මනුසත්තු (PHOTOS)




මේ වනවිට හම්බන්තොට සහ ඒ අවට ප්‍රදේශයන්ට පවතින නියගය සහිත කාලගුණ තත්වය නිසා ප්‍රදේශයේ බොහොමයක් වැව් අමුණු සිදී ගොස් තිබෙනවා.

මේ තත්වය නිසා වන ගත ප්‍රදේශයන් තුළත් තිබෙන කුඩා වැව් අමුණු වලටද බෙහෙවින් බලපෑ ඇති නිසා වනසතුන්ද ජලය නොමැතිව පීඩා විදනවා.

කෙසේනමුත් මේ තත්වය ප්‍රයෝජනයට ගෙන වන සතුන් දිය සොයා එන වැව් ආශ්‍රිත කුඩා වලවල් තුලට වස දමා සතුන් මරා මස් පිණිස විකිණීමේ ජාවාරමක යම් පිරිසක් නියැලෙන බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන් පෙන්වා දෙනවා.

මේ අකාරයෙන් කුඩා දිය වලවල් තුලට වසා දැමීම නිසා සූරියවැව, වැලි වැව හා සිඳිගිය 14 වැව අසල දිය සහිත කුඩා වලවල් තුළට සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් වස දැමීම නිසා දිය බීමට පැමිණි මුවෙකු සහ එළුවන් හත්දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ හම්බන්තොට වන ජීවී කාර්යාලය හා සූරියවැව පොලිසිය එක්ව ක්‍රියාත්මක කරනු ලැබෙනවා.