Tuesday, September 24, 2024

General line - 0115112241

මහියංගන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයා තේනුක විදානගමගේ




මහියංගන ප්‍රාදේශීය සංවර්ධන කමිටු සම සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තේනුක විදානගමගේ පත්කර තිබෙනවා. 

ඊට අදාළ පත්වීම් ලිපිය ඔහු ජනාධිපතිවරයා අතින් ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.

තේනුක විදානගමගේ මන්ත‍්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයට සහය පල කළ අයෙක්.

මේ අතර අනුර විදානගමගේ, ඌව පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමා ආරක්ෂක, වනිතා කටයුතු හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. 

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපතිවරයා ඉදිරියේ ඔහු ලබා ගත්තේ ඌව පළාත් ආණ්ඩුකාර එම් පී ජයසිංහගේ අතින්.