Wednesday, September 25, 2024

General line - 0115112241

බලය උරඟා බැලීමට අගමැති සූදානම්




පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (22) වාදවිවාද ඇති වුණා.

ඒ, අදාළ පනත් කෙටුම්පත ලබන 24 වැනිදා විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල ප‍්‍රකාශ කිරීමත් සමගයි.

අනුර කුමාර දිසානායක සහ වාසුදේව නානායක්කාර යන මන්තී‍්‍රවරුන්ද ඊට මැදිහත් වූ අතර අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල සහ අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඊට ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ "ගරු කතානායකතුමනි...සංශෝධන 55 ක් දැනටමත් මැතිවරණ කොමිසමෙන් ලබලා දීලා තියෙනවා.. අපි සියලු දෙනාටම ඕනේ මේ ඡන්දය පවත්වන්න..ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. අපි මේක තියලා බලමු එක එක්කෙනාට තියෙන ශක්තිය මොකක්ද කියලා." යනුවෙනි.