Wednesday, September 25, 2024

General line - 0115112241

මානසිකව වැටුණු ක්‍රීඩකයින් සහ ක්‍රිකට් පරාජයන් ගැන විශේෂ ප්‍රකාශයක්




දිනෙන් දින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැළඳ ගනිමින් සිටින අමිහිරි ක්‍රිකට් පරාජයන් පිළිබඳ අද (22) විශේෂ ප්‍රකාශයක් සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ක්‍රිකට් නායකයෙකුද වූ අමාත්‍ය අර්ජුන රණතුංග මෙම විශේෂ ප්‍රකාශය සිදු කළේ පාර්ලිමේන්තුවේදීයි.

වර්තමානයේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වයට වගකිව යුත්තේ ක්‍රීඩකයන් නොව පාලකයන් බවයි අමාත්‍ය අර්ජුන රණතුංග එහිදී සඳහන් කළේ.

ක්‍රිකට් පාලකයන් සිය දුර්වලතා වසා ගැනීමට ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු සහ නායක ඇන්ජලෝ මැතිව්ස්ව බිල්ලට දුන් බවත් ඔහු පැවසුවා.

මීලග බිල්ල අසංක ගුරුසිංහ බවයි අර්ජුන රණතුංග ප්‍රකාශ කර සිටියේ.එබැවින් තරග පරාජය වන විට හූ කිවයුත්තේ ක්‍රීඩකයන්ට නොව පාලකයන්ට බවටද අමාත්‍ය අර්ජුන රණතුංග වැඩි දුරටත් සඳහන් කළා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"2015 වසරේ අපේ කණ්ඩායම ලෝක කුසලානයට යන්න සූදානම් වෙලා ඉන්නකොට ඔවුන්ව එෆ්.සී.එයි.ඩී අරන් ගියා..සැරෙන් සැරේ මෙහෙම කරලා ඔවුන්ගේ මානසික මට්ටම වැට්ටුවා. එක ක්‍රීඩකයෙන් පීඩනය නිසා දවස් 05ක් රෝහලේ නැවතිලා හිටියා. මේ වගේ සිදුවීම් හරහා තමයි ක්‍රිකට්වලට මේ ප්‍රශ්නය ඇවිත් තියෙන්නේ."