Wednesday, September 25, 2024

General line - 0115112241

ජනපතිගේ තීරණය එන තෙක් එජාපය බලන් හිඳී




විජේදාස රාජපක්‍ෂ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගන්නා කි‍්‍රයාමාර්ග දෙස බලා සිටින බව එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් පවසනවා.

කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියාසිටියා.

විජේදාස රාජපක්ෂට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආරාධනාවක් ලැබුණොත් යනුවෙන් එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් අමාත්‍ය කබීර් හෂිම් සඳහන් කළේ "එහෙනම් ඒගොල්ලොන්ට දෙයියන්ගෙම පිහිටයි" යනුවෙනි.

ජනාධිපතිවරයා විසින් විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාව ඉවත් නොකළහොත් යනුවෙන් යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් සඳහන් කළේ "ඒ තීරණය අපි ඒ වෙලාවට ගන්නම්" යනුවෙනි.

එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම් වෙත යොමු වූ තවත් ප්‍රශ්නයක් වූයේ යම් ගැටලුවක් ඇතිවූවහොත් තනි ආණ්ඩුවක් හදන්නේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "දැන් ඉතින් තනි ආණ්ඩුවක් වගේනේ..UNPය නේ ආණ්ඩුව කරන්නේ කියන්නේ..". යනුවෙනි.

අමාත්‍ය විජේදාස රාජපක්‍ෂ දරණ සියලු කැබිනට් අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි එක්සත් ජාතික පක්‍ෂය ජනාධිපතිවරයාට අද දැනුම් දුන්නා.

ඒ, පක්‍ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂිම්ගේ අත්සනින් යුතුව යොමු කෙරුණු ලිපියකින්. විජේදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා අතර විශේෂ හමුවක්ද අද උදෑසන පැවති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ.